Saturday, April 20, 2024

General line - 0115112241

විපතට පත් ජනතාව වෙනුවෙන් නෙත් එෆ් එම් දිරිය නෙත් සත්කාරය නැවතත්




දිස්ති‍්‍රක්ක 14 කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් ලක්‍ෂ 3 කට අධික පුද්ගලයින් පිරිසක් මේ වනවිට පීඩාවට පත්ව සිටිනවා. 

ඔවුන්ට සහන සැලසීම සදහා නෙත් එෆ් එම් දිරිය නෙත් සමාජ සත්කාරයද දැන් කි‍්‍රයාත්මකයි. 

ඔවුන්ට අවශ්‍ය වියළි ආහාර, ජල බෝතල්, ඖෂධ, සනීපාරක්‍ෂක ද්‍රව්‍ය ඔබට ගෙනවිත් අප වෙත භාර දිය හැකියි. 

කොළඹ, කොල්ලූපිටිය 5 වන පටුමගේ 105 න් 3 ස්ථානයේ පිහිටි නෙත් එෆ් එම් ප‍්‍රධාන කාර්යාලයද ඒ වෙනුවෙන් විවෘතව පවතිනවා. 

බත්තරමුල්ල ආර්පිකෝ සුපර් සෙන්ටර් යාබද ට‍්‍රැවල් නෙත් කාර්යාලයටද ඔබේ ආධාර භාරදිය හැකියි. 

දෙහිවල, නැදිමාල ඇන්ඩර්ස් පාරේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයටද විපතට පත්වූවන් වෙනුවෙන් එම ආධාර ලබාදිය  වනවා. 

ගාල්ල, කළුවැල්ල අංක 66 දරණ ස්ථානයේ වර්ණපාල සහ සහෝදර ආයතනයේද භාණ්ඩ එකතු කිරීමේ ස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.