Friday, March 29, 2024

General line - 0115112241

නාගලගම්වීදියට සුළු ගංවතුර තත්ත්වයක්




කැළණි ගග පිටාර ගැලීම හේතුවෙන් නාගලගම්වීදියට සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා. 

නාගලගම්වීදියේ ජල මාපකයේ ජල මට්ටම අඩි 5.60 ලෙස සටහන්ව තිබූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළා. 

එම ප‍්‍රදේශයට මහා ගංවතුර තත්ත්වයක් ඇති විය හැක්කේ ජල මට්ටම අඩි 7 ඉක්ම වුවහොත් පමණයි. 

මේ අතර කැළණි ගග පිටාර ගැලීම හේතුවෙන් හංවැල්ල ප‍්‍රදේශයට බලපෑ ජල ගැලීම් තත්ත්වය පහව යමින් ඇතැයිද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළා.