Thursday, April 25, 2024

General line - 0115112241

දන්සැල් තොරණ් එපා! විපතට පත් ජනතාවට දෙන්න - අස්ගිරි මහ නාහිමි බෞද්ධ ජනතාවගෙන් ඉල්ලයි




පොසොන් පොහොය වෙනුවෙන් සිදුකිරීමට නියමිතව තිබු දන්සල් දීම,තෝරණ් ප්‍රදර්ශනය කිරීම් වැනි කටයුතු සදහා වෙන්කළ මුදල් වලින් කොටසක් ගංවතුරෙන් සහ නායයාම් වලින් අසරණව සිටින ජනතාව සඳහා බෙදා දීමට කටයුතු කරන්න යැයි අස්ගිරි මහානායක වරකාගොඩ ඥාණරථන මහනායක හිමියන් වහන්සේ ඉල්ලා සිටිනවා.

අද පෙරවරුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් උන් වහන්සේ කියා සිටියේ ඇතිවී තිබෙන ආපදා තත්වය හේතුවෙන් අසරණ වූ ජනතාට අධාර උපකාර කරන ලෙස සමස්ත බෞද්ධ ජනතාවගේන්ම ඉල්ලීමක් කරන බවයි .