Friday, April 19, 2024

General line - 0115112241

පූර්ව දැනුවත් කිරීමේ වාර්තා නොදුන්නේ ඇයි? අගමැති ප්‍රශ්ණ කරයි !




චක‍්‍රලේඛවලට සීමා නොවී ආපදාවලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා කි‍්‍රයාත්මක වන්නැයි ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. 

මේ අතර ජනාධිපතිවරයා ආපදා තත්ත්වයන් පිළිබද සොයා බැලීම සදහා අද පෙරවරුවේ කළුතර දිස්ති‍්‍රක්කයේ සංචාරයක නිරත වුණා. 

පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් කළුතර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා. 

මේ අතර ගංවතුරට කොටුවී සිටින ජනතාව බේරා ගැනීමට සහ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම ති‍්‍රවිධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානියා වෙත පැවරීමට තීරණය කර තිබෙනවා. 

අරලියගහ මන්දිරයේ පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කියාසිටියා. 

ඉදිරි දින කිහිපය තුළ ඇති විය හැකි වර්ෂා තත්ත්වයන්ට මුහුණදීම සදහා ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබදවද මෙහිදි සාකච්ඡා කෙරුණා. 

කළුතර සහ රත්නපුර දිස්ති‍්‍රක්කයේ ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් නිසි පරිදි වාර්තා නොලැබීම සම්බන්ධයෙන්ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදි ප‍්‍රශ්න කළා.

කළුතර සහ රත්නපුර දිස්ති‍්‍රක්කයේ ආපදා පිළිබද පූර්ව දැනුවත් කිරීමේ වාර්තා නොලැබීම පිළිබද වහාම සොයා බලන ලෙසද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදි උපදෙස් ලබාදුන්නා.