Friday, April 26, 2024

General line - 0115112241

විපතට පත් අපේම ජනතාවට පිහිට වෙන්න දිරිය නෙත් අපට ඔබේ සහයත් දෙන්න




දිස්ති‍්‍රක්ක 14 කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ලක්‍ෂ 2 කට අධික ජනතාව වෙනුවෙන් සහන සැලසීම සදහා නෙත් එෆ් එම් දිරිය නෙත් සමාජ සත්කාරයද දැන් කි‍්‍රයාත්මකයි. 

ඔවුන්ට අවශ්‍ය වියළි ආහාර, ජල බෝතල්, ඖෂධ, සනීපාරක්‍ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට දැන් ඔබටත් අවස්ථාව පවතිනවා. 

කොල්ලූපිටිය 5 වන පටුමගේ 105 න් 3 ස්ථානයේ පිහිටි නෙත් එෆ් එම් ප‍්‍රධාන කාර්යාලය ඒ වෙනුවෙන් විවෘතව පවතිනවා. 

බත්තරමුල්ල ආර්පිකෝ සුපර් සෙන්ටර් යාබද ට‍්‍රැවල් නෙත් කාර්යාලයටද ඔබේ ආධාර භාරදිය හැකියි. 

දෙහිවල, නැදිමාල ඇන්ඩර්ස් පාරේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයටද විපතට පත්වූවන් වෙනුවෙන් එම ආධාර ලබාදිය  වනවා. ගාල්ල, කළුවැල්ල අංක 66 දරණ ස්ථානයේ වර්ණපාල සහ සහෝදර ආයතනයේද භාණ්ඩ එකතු කිරීමේ ස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.

මාතර, පල්ලිමුල්ල අංක 235 ස්ථානයේ පිහිටි මනම්පේරි ෆුඩ් සෙන්ටර් වෙතද ඔබේ ආධාර ලබාදිය හැකියි. නෙත් එෆ් එම් දිරිය නෙත් සත්කාරක වැඩසටහන පිළිබද වැඩිදුර තොරතුරු 077 200 18 65 අංකය ඇමතීමෙන් ලබාගත හැකියි. 

සම්පත් බැංකුවේ බොරැල්ල ශාඛාවේ 000 460 002 117 දරණ දිරිය නෙත් ගිණුම වෙතද ඔබගේ මූල්‍යාධාර ලබාදිය හැකියි.