Thursday, April 25, 2024

General line - 0115112241

කුකුලේ ගඟට සහ මස්කෙළියට මිලි මීටර් 100 ඉක්මවූ වැසි




අද (27) පෙරවරු 8.30න් අවසන් වූ පැය විසි හතර තුළ කුකුලේ ගඟ සහ මස්කෙළිය ප‍්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. 

කුකුලේ ගඟ ප‍්‍රදේශයෙන් මිලිමීටර් 110ක් සහ මස්කෙළිය ප‍්‍රදේශයෙන් මිලිමීටර් 108ක වර්ෂාපතනයක් වාර්තා වූ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

මාඋස්සා කැලේ ප‍්‍රදේශයට මිලිමීටර් 73ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. 

කැටන්දොල ප‍්‍රදේශයට ලැබී ඇති වර්ෂාපතන අගය මිලිමීටර් 69ක්. 

ලක්ෂපාන ප‍්‍රදේශයට මිලිමීටර් 52 යි දශම 1ක සහ කාසල්රී ප‍්‍රදේශයට 37 යි දශම 8ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

රත්නපුර ප‍්‍රදේශයෙන් මිලිමීටර් 69 යි දශම 5ක  වර්ෂාපතනයක් වාර්තා වනවා.