Thursday, April 18, 2024

General line - 0115112241

ලබන සඳුදා සිට ප‍්‍රදේශ රැසක ජල කප්පාදුවක් 




කැළණිය ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය, පෑලියගොඩ සහ වත්තල නගර සභා බල ප‍්‍රදේශවලට ලබන සඳුදා පැය 06ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. 

සදුදා උදෑසන 9.00 යේ සිට පස්වරු 3.00 දක්වා මෙලෙස එම ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. 

වත්තල හා කැළණිය ප‍්‍රදේශවලට ජලය සපයන නල මාර්ගයක සිදු කෙරෙන අලූත්වැඩියාවක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාප‍්‍රවාහන මණ්ඩලය සඳහන් කළේ.