Friday, March 29, 2024

General line - 0115112241

පීඩාවට පත් අධ්‍යාපන කේෂ්ත‍්‍රයේ සේවකයින් වෙනුවෙන් සහන දීමට තවත් වැඩපිළිවෙලක්




සිදුව ඇති ආපදාවලින් පීඩාවට පත් අධ්‍යාපන කේෂ්ත‍්‍රයේ අනධ්‍යයන සේවකයින්ගේ තොරතුරු රැස් කර ඔවුන්ට ආධාර කිරීමේ වැඩසටහනක් අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමය ආරම්භ කර තිබෙනවා. 

මේ යටතේ පීඩාවට පත් සේවකයින්ගේ දූ දරුවන්ට අවශ්‍ය ආධාර ලබා දීමටත් වැසි පහව ගිය පසු හානි වූ පාසල් යථා තත්ත්වයට පත් කිරීමටත් ප‍්‍රමුඛත්වය ලබා දෙන බවයි එම සංගමයේ ප‍්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න පැවසුවේ. 

අධ්‍යාපන කේෂ්ත‍්‍රයේ අනධ්‍යයන සේවකයින්ගේ නිවාස හානි වී ඇත්නම් ඒවා පිලිසකර කිරීමට ද සහය වන බව ඔහු පැවසුවා. 

ඒ අනූව තමන්ට සිදුව ඇති පීඩාවන් පිළිබඳ 066 - 205 69 78 හෝ 066 22 39 076 දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසයි ඔහු අධ්‍යාපන කේෂ්ත‍්‍රයේ අනධ්‍යන සේවකයින්ගේ ඉල්ලා සිටියේ.