Thursday, April 25, 2024

General line - 0115112241

ආපදා මරණ 113 දක්වා ඉහළට - 91ක් අතුරුදන් - පීඩාවට පත් මුළු ගණන ලක්ෂ 05ට ආසන්න වෙයි (PHOTOS)




මහ වැසි නිසා ඇති වූ ආපදා හේතුවෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 113ක් දක්වා වැඩිවී තිබෙනවා. 

ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ මීට නොබෝ වේලාවකට පෙර පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන බවයි. 

එම සංඛ්‍යාව 47ක්. කළුතර දිස්ත‍්‍රික්කයෙන් මරණ 38ක් ද මාතර දිස්ත‍්‍රික්කයෙන් මරණ 14ක් ද වාර්තාවී තිබෙනවා.

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ මරණ 06ක් සිදුව ඇති බවයි අදාළ වාර්තාවල දැක්වෙන්නේ. 

කෑගල්ල සහ ගාල්ල යන දිස්ත‍්‍රික්කවලින් මරණ 04 බැගින් වාර්තාවී තිබෙනවා. 

අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 91 දෙනෙක්. 

මෙම ආපදා තත්ත්ව හේතුවෙන් පීඩාවට පත්වූවන්ගේ මුළු සංඛ්‍යාව හාර ලක්ෂ අනූ තුන් දහස් හාරසිය පනස් පස් දෙනෙකු වනවා. 
පිහිටුවා ඇති තාවකාලික කඳවුරු ගණන 185ක්. 

තිස් දහසකට ආසන්න පිරිසක් එම කඳවුරුවල රැඳී සිටින බවයි පස්වරු 5.00 පමණ කළ විමසුමකදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ.