Wednesday, April 24, 2024

General line - 0115112241

හෙට සහ අනිද්දා මහ වැසි ඇද හැළෙන්න අහස සැරසෙන හැටි චන්ද්‍රිකා ඡායාරූපයකින් පෙනෙන හැටි




දිවයිනේ නිරිත දිග කොටසට හෙට (29) සහ අනිද්දා යන දිනවල  ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පවතින පීඩන අවපාතය බංග්ලාදේශය දෙසට ගමන් කිරීමත් සමග පවතින කාලගුණ තත්වයේ වෙනසක් හේතුවෙන්.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම හා වයඹ යන පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

දිවයින වටා මුහුදු ප‍්‍රදේශවල සුළං වේගය ද ඉහළ යා හැකි බවයි අනාවැකියෙන් පවසන්නේ.

මේ අතර දිස්ත‍්‍රික්ක 07කට නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇඟවීම තවත් පැය 24ක කාලයක් සඳහා දීර්ඝ කර තිබෙනවා. රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට හා නුවරඑළිය එම දිස්ත‍්‍රික්ක 07යි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ වර්ෂාපතනය ඉදිරි පැය 24 තුළ ද අඛණ්ඩව පැවතුනහොත් නායයාමේ අවදානම් සහිත කඳු බෑවුම්වලින් ජනතාව ඉවත් විය යුතු බවයි.