Thursday, April 18, 2024

General line - 0115112241

ජීවිතක්ෂයට පත්වූ බලපංති සැරයන්ගේ අවසන් කටයුතු අද (PHOTOS)




ගංවතුර තත්වය හේතුවෙන් විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටිය දී ඉකුත්දා ජීවිතක්ෂයට පත්වූ බලපංති සැරයන් එම්. එස්. යාපාරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (29) සිදු කෙරෙනවා. 

ගම්පහ කොටුගොඩ ප‍්‍රදේශයේ දී එම කටයුතු සිදු වන්නේ ගුවන් හමුදා ගෞරව සහිතවයි. 

2001 වසරේ ජනවාරී මස 19 වනදා නිත්‍ය ගුවන් භටයෙකු ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුණු ඔහු දියතලාව සටන් පුහුණු පාසලෙන් සිය මූලික පුහුණුව ලබා ගන්නවා. 

අනතුරුව වෘත්තීය පුහුණුව සඳහා ඔහු පැමිණෙන්නේ ඒකල වෘත්තීය පුහුණු පාසලටයි. 

පසුව ඔහු ගිනි නිවාරණ සහ ගලවා ගැනීමේ භටයෙකු ලෙස සිය දායකත්වය ගුවන් හමුදාව වෙනුවෙන් සක‍්‍රීයව ලබාදුන්නා.
 
කටුනායක, අනුරාධපුර, රත්මලාන, කොළඹ, ඒකල, මඩකලපුව හා ඉරණමඬු යන ගුවන් හමුදා කඳවුරුවල දී ඔහුගේ සේවය කැපී පෙනුනු බවයි ගුවන් හමුදා මූලස්ථානය ප‍්‍රකාශ කළේ. 

එම් එස් යාපාරත්න බලලත් නිලධාරී තනතුරට උසස් කිරීමට ද ඊයේ තීරණය කෙරුණා. ඔහු එක් දරු පියෙක්.