Friday, March 29, 2024

General line - 0115112241

විපතට පත් ජනතාවට සහන රැගෙන ඉන්දීයාවෙන් තවත් නෞකාවක් පැමිණෙයි (PHOTOS)




පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා තවත් ඉන්දීය නෞකාවක් අද දිවයිනට පැමිණෙනවා. 

නාවික හමුදාව සඳහන් කළේ සහනාධාර රැගත් එම නෞකාව කොළඹ වරායට සේනදු වීමට නියමිත බවයි. 

ආපදාවට ලක්ව සිටින ශ‍්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකා දෙකක් මීට පෙරද දිවයිනට පැමිණියා. 

නිලධාරීන් 27 දෙනෙකුගෙන් සහ නාවිකයින් සිය දෙනෙකුගේ යුත් කාර්ය මණ්ඩලයක්, වියළි ආහාර ද්‍රව්‍ය, පානීය ජල බෝතල්, කූඩාරම් සහ ඖෂධ වර්ග විශාල ප‍්‍රමාණයක් ද එම නෞකා මඟින් මෙරටට රැුගෙන ආ බවයි නාවික හමුදාව සඳහන් කළේ.