Tuesday, April 23, 2024

General line - 0115112241

මධ්‍යම කඳුකරයට තද සුළං සහ මීදුම් තත්වයක් හටගනී 




මධ්‍යම කඳුදකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට අද අලූයම සිට තද සුළං තත්වයක් පවතිනවා. 

ඒ සමඟම ප‍්‍රධාන මාර්ගවලට ගස් කඩා වැටීමේ අවදානමක් ද පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

අධික සුළං තත්වය හේතුවෙන් ප‍්‍රදේශ රැසක විදුලිය ද වරින් වර විසන්ධි වී තිබෙනවා. 

ප‍්‍රදේශයට සුළු වර්ෂාපතනයක් හා ඝණ මීදුම් තත්වයක් ද පවතින බවයි ඔහු කියා සිටියේ. 

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට මිලිමීටර් සියය ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බවයි.