Wednesday, April 24, 2024

General line - 0115112241

"දිරිය නෙත්" සමාජ සත්කාරය අදත් ප‍්‍රදේශ රැසකදී (UPDATE)




ආපදා තත්වය හේතුවෙන් විපතට පත්වූවන්ට ආධාර බෙදා දීමේ නෙත් එෆ් එම් රේඩියෝවේ දිරිය නෙත් සමාජ සත්කාරය අද (30) දිනයේද ප‍්‍රදේශ රැසකදී සාර්ථකව සිදු කෙරුණා. 

එක් කණ්ඩායමක් මේ වනවිට සිටින්නේ දකුණු පළාතේ විපතට පත්වූ ජනතාව වෙත සහන සැලසීමේ ක‍්‍රියාවලිය සමඟ එක්වයි. 

විපතට පත්වූවන්ට භෞතික ආධාර ලබා දීමට පමණක් සීමා නොවී ඔවුන්ගේ මානසික සුවය සඳහා ද වැඩසටහන් රැසක් දිරිය නෙත් සමාජ සත්කාරය යටතේ සංවිධානය වනවා. 

මේ අතර, නෙත් එෆ් එම් රේඩියෝවේ අද රාත‍්‍රි 7.30ට ප‍්‍රචාරය කෙරෙන අන්ලිමිටඞ් වැඩසටහනේ දී විපතට පත් වූවන්ට සෙත් පැතීමට සහ රුදුරු විපත් යළි ඇති නොවීමට සත්‍ය ක‍්‍රියා බලයෙන් ආශිර්වාද කිරීමට නියමිතයි. 

පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමියන් සහ පූජ්‍ය ගනේකන්දේ චන්දරතන හිමියන් ඒ සඳහා වැඩම කෙරෙනවා.  

..................................................

දිරිය නෙත් කණ්ඩායම තවත් ඉදිරියට (UPDATE) (30-05-2017 / 1.00PM)

නෙත් එෆ් එම් රේඩියෝවේ දිරිය නෙත් සමාජ සත්කාරය යටතේ විපතට පත් වූවන්ට ආධාර බෙදා දීම මේ වන විට සිදු කෙරෙනවා.

භෞතික ආධාර ලබා දීමට සීමා නොවී විපතට පත්වුවන්ගේ මානසික සුවය සඳහා ද වැඩසටහන් සංවිධාන කිරීම දිරිය නෙත් සමාජ සත්කාරයේ විශේෂත්වයක්.

භෞතික ආධාර  බෙදා දීමේදී ද ත‍්‍රිවිධ හමුදාව ඇතුළු බලධාරී ආයතනවල ද සහයෙන් අවශ්‍යතා සහිත තැනැත්තන්ටම ලැබෙන පරිදී ඒවා බෙදා හැරීමද දිරිය නෙත් සමාජ සත්කාරයේ ප‍්‍රමුඛතාව හිමිවනවා. 

විපතට පත් වූවන්ට බෙදා දීම සඳහා දිරිය නෙත් සමාජ සත්කාරයට පරිත්‍යාග භාර දීමට ඔබට තවදුරටත් අවස්ථාව පවතිනවා.

මේ අතර පිටබැද්දර සියඹලාගොඩ ප්‍රදේශයේ ගංවතුරෙන් අබලන් වූ පාලමක් අලුත් වැඩියා කරමින් සිටි නාවික හමුදා කණ්ඩායමකටද දිරිය නෙත් කෙටි ආහාර සංග්‍රහයක් සිදු කළා. අපේක්ෂා නොකළ මොහොතක ලැබුණු එම සංග්‍රහය එම පිරිසගේ උත්තේජනය වැඩි කිරීමට සමත් වුණා.








 

------------------------------

දිරිය නෙත් ආධාර බෙදා දීමට අමතරව තවත් වැඩසටහන් රැසක් සංවිධානය කරයි  - අදත් ආධාර ගෙනත් භාරදීමට අවස්ථාව

(2017-05-30 08:00)

නෙත් එෆ් එම් රේඩියෝවේ දිරිය නෙත් සමාජ සත්කාරය යටතේ එක් රැස් කෙරෙන ආධාර අද (30) දිනයේද විපතට පත් වූවන් වෙනුවෙන් බෙදා හැරෙනවා.

තොග වශයෙන් ආධාර බෙදා හැරීම වෙනුවට ත‍්‍රිවිධ හමුදාව ඇතුළු බලධාරී ආයතනවල ද සහයෙන් අවශ්‍යතා සහිත තැනැත්තන්ටම ලැබෙන පරිදී ආධාර බෙදා හැරිමයි දිරිය නෙත් සමාජ සත්කාරයේ ප‍්‍රමුඛතාව වී තිබෙන්නේ.

විපතට පත්වූවන්ගේ මානසික සහනය සහ ඔවුන්ට සෙත් පැතීම මෙන්ම මිය ගිය අයට පින් අනුමෝදන් කිරීම සඳහා ද විවිධ ක‍්‍රියාකාරකම් සංවිධාන කෙරෙනවා. 

මේ අතර, විපතට පත් වූවන්ට බෙදා දීම සඳහා දිරිය නෙත් සමාජ සත්කාරයට පරිත්‍යාග භාර දීමට ඔබට තවදුරටත් හැකියාව තිබෙනවා. 

මේ අතර, අද රාත‍්‍රි 7.30ට නෙත් එෆ් එම් රේඩියෝවේ ප‍්‍රචාරය කෙරෙන අන්ලිමිටඞ් වැඩසටහනේ විපතට පත් වූවන්ට සෙත් පැතීමට සහ රුදුරු විපත් යළි ඇති නොවීමට සත්‍යක් ක‍්‍රියා බලයෙන් ආශිර්වාද කිරීමට නියමිතයි. පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමියන් සහ පූජ්‍ය ගනේකන්දේ චන්දරතන හිමියන් ඒ සඳහා වැඩම කෙරෙනවා. 







 

---------------------------------

ජනතාවගේ ඉල්ලීම්වලට දිරිය නෙත් ක්ෂණික ප්‍රතිචාර දක්වයි (PHOTOS)

(2017 05 29 18:13)

දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් ක‍්‍රියාත්මක දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන තවදුරටත් ක‍්‍රියාත්මක වනවා.

ජල ගැලීම් සහ නාය යෑම් හේතුවෙන් ළඟා වීමට අපහසු පාලින්ද නුවර, මොරවක ඇතුළු ප‍්‍රදේශ ගණනාවකට ගොස් පීඩාවට පත් ජනතාවට සහන සැලසිම මේ යටතේ සිදු කෙරුණා.

පාලින්ද නුවර, කෙලින් කන්ද කොස්ගුලන ප්‍රදේශයේ විපතට පත් ජනතාව වෙනුවෙන් වියළි ආහාර, පිසින ලද ආහාර, ඇඳුම් පැළඳුම් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා දුන් අතර එහිදී ජනතාවගේ දැඩි ඉල්ලීමක් වුණේ රාත්‍රි කාලයේ විදුලිය නොමැති හෙයින් තමන්ට හැකිනම් භූමිතෙල් හෝ ඉටිපන්දම් ලබා දෙන ලෙසයි. ඊට ක්ෂණික ප්‍රතිචාර දක්වමින් දිරිය නෙත් කණ්ඩායම එම අවශ්‍යතා ඉටුකර දීමට අද පියවර ගත්තා.

මේ, පාලින්ද නුවර ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක දිරිය නෙත් සමාජ සත්කාරය පිළිබඳ තොරතුරු වාර්තා කළේ නෙත් විශේෂ නියෝජිත සුරේෂ් විජයරංගන විසින්.

(එම හඬපටහ පහතින් දැක්වෙයි)

තවද අකුරැස්ස, මොරවක යන ප‍්‍රදේශයන්වලදීද දිරිය නෙත් වැඩසටහන් ක‍්‍රියාත්මක වුණා.

මෙම සමාජ සත්කාරය සඳහා දිවයිනේ නන්දෙසින් පැමිණෙන ජනතාවගෙන් ලැබෙන්නේ ඉහළ ප‍්‍රතිචාරයක්. ඔබේ ආධාර දිරිය නෙත් ආධාර එක් රැස් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙනවිත් භාරදිය හැකියි.   

බම්බලපිටිය දුම්රියපොළ අසළ  ඕෂන් ගොඩනැගිල්ලේ නෙත් එෆ්.එම් මෙහෙයුම් කාර්යාලයේ සහ බත්තරමුල්ල ආර්පිකෝ සුපර් සෙන්ටර් අසල පිහිටි ට‍්‍රැවල් නෙත් කාර්යාලයේ ආධාර භාරගැනීමේ මධ්‍යස්ථාන ක‍්‍රියාත්මකයි.

පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප හිමියන් වැඩ වෙසෙන අතුරුගිරිය සිරි සඳහම් පදනමට ද ඔබේ ආධාර භාරදිය හැකියි. පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් වැඩ වෙසෙන පිළියන්දල පිගන් සංස්ථාව පාරේ ශාන්ති නිකේතනයේ දී ද දිරිය තෙන් සමාජ සත්කාරයට ආධාර භාර ගැනෙනවා.

පූජ්‍ය කිරම විමලජෝති හිමියන් වැඩ වෙසෙන දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට ද ආධාර භාරදිය හැකියි. 

කඩවත නගර මධ්‍යයේ පිහිටි ශ‍්‍රී බිම්බාරාම විහාරස්ථානය ද ආධාර භාරගන්නා මධ්‍යස්ථානයක්.

පානදුර පල්ලෙමුල්ල සිරිනිවාසාරම විහාරස්ථානයේ ද ආධාර භාරගැනීම සිදු කෙරෙනවා.  

දිරිය නෙත් සමාජ සත්කාරය යටතේ ගාල්ල, කළුවැල්ල, වර්ණපාල සහ සහෝදරයෝ ආයතනයේ හා මාතර පල්ලිමුල්ල මනම්පේරි ෆූඞ් සෙන්ටර් ආයතනයේ ද ආධාර භාරගැනීමේ මධ්‍යස්ථාන ක‍්‍රියාත්මකයි.  

මීට අමරතව මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හි තුන්වන මහලේ පිහිටි ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානයට ඔබේ ආධාර ගෙනවිත් භාර දිය හැකියි. ගොඩගම සුභාරතී මහාමාත්‍ය මහා විද්‍යාලය ද දිරියනෙත් සමග අත්වැල් බැඳගෙන සිටිනවා. 

දුම්රිය දෙපාර්තමේන්තුව ද දිරිය නෙත් සමාජ සත්කාරය සමග අත්වැල් බැඳගෙන සිටින තවත් පාර්ශවයක්. ඒ අනුව ඔබ දුම්රියෙන් ගමන් අවශ්‍යතා සපුරා ගන්නා අයෙකු නම් දුම්රිය ස්ථානවලට ඔබේ ආධාර ලබා දිය හැකියි. 

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 077 200 18 65 දුරකථන අංකය ඇමතීමෙන් දැන ගත හැකියි.

(මොරවක ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වූ වැඩසටහන අතරතුර ලබා ගත් ඡායාරූප)








 

(අකුරැස්ස ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වූ වැඩසටහන අතරතුර ලබා ගත් ඡායාරූප)