Wednesday, April 17, 2024

General line - 0115112241

ජන ජීවිතය යළි ගොඩ නගන්න හමුදාව දැඩි වෙහෙසක (PHOTOS)




දිවයිනේ දිස්ත‍්‍රික්ක 15 කට බලපා ඇති ආපදා තත්ත්වයන් හේතුවෙන් මිය ගිය පුද්ගලයන් ගණන 180ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පුද්ගලයන් 110 දෙනෙකු අතුරුදන්ව සිටින බවයි.

පවුල් එක් ලක්ෂ පනස් තුන්දහස් තුන්සිය තුනකට අයත් පුද්ගලයින් පන්ලක්ෂ අසූ අටදහස් අසූ දෙදෙනෙකු ආපදා හේතුවෙන් බලපෑමට ලක්ව සිටිනවා.

ආරක්ෂිත ස්ථාන 368 ක පුද්ගලයන් 76,902 ක් රඳවා සිටින බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. 

ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 640 ක් පූර්ණ වශයෙන් හානි වී ඇති අතර, තවත් නිවාස පන්දහස් 329 ක් අර්ධ වශයෙන් හානි සිදුව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

ආපදාවලට ලක් වූ ප‍්‍රදේශවල බිඳ වැටුණු විදුලි සැපයුම් යළි ලබා දීමට කඩිනමින් කටයුත කරන බව විදුලි බල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළා. 

ආපදාවට ලක්වූ විදුලි පාරිභෝගිකයන්ට සහන රැසක් ලබා දෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

ආපදාවලට ලක්ව ඇති නිවාසවල විදුලි බිල්පත් ගෙවීම සඳහා මාස 06ක සහන කාලයක් ලබා දීමටද එහිදී තීරණය කෙරුනා.

පීඩාවට පත් වූවන්ට සහන සැළසීම සඳහා යුද, ගුවන් සහ නාවික හමුදාව අද දිනයේද සහන මෙහෙයුම්වල නිරත වුණා.