Saturday, April 20, 2024

General line - 0115112241

අතේ තියෙන සතේ රටට කීර්තිය ගේන්න කැප කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සියල්ල ගංවතුර අරං ගිහින් (PHOTOS)




ශී‍්‍ර ලංකාවට ජාත්‍යන්තර ජයග‍්‍රහණ ලබාදුන් මළල කී‍්‍රඩිකාවන් කිහිපදෙනෙකු ද ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා.

රත්නපුර තෙලවත්ත මුද්දූව ප‍්‍රදේශයේ පුහුණුවීම් සිදු කරන මැරතන් සහ දුර දිවීම් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් කිිහිප දෙනෙකු මෙලෙස පීඩාවට පත්ව සිටින බවයි නෙත් "ස්පෝර්ට්ස්මන්" වෙත වාර්තා වුණේ.

මැරතන් ශූරියක වන මංජුලා කුමාරසිංහ සහ ශූරයෙකු වන චින්තක සෝමවර්ධන මෙන්ම දකුණු ආසියානු පදක්කම් ලාභී අනූෂා ළමාහේවාද එ් අතර සිටිනවා.

ඔවුන්ගේ පාවහන් මෙන්ම පුහුණුවීම් සඳහා යොදා ගන්නා ඇදුම් ඇතුලු සියලු භාණ්ඩ ගංවතුරට ගසා ගෙන ගොස් තිබෙනවා.

ආසියානු මළල කි‍්‍රඩා තරගාවලිය සඳහා තේරීම් තරග ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබුණත් ඊට සහභාගි වීමටද දැන් හැකියාවක් නොමැති බවයි මැරතන් ශූරියක වන මංජුලා කුමාරසිංහ නෙත් "ස්පෝර්ට්ස්මන්" වෙත සඳහන් කළේ.

රටට කීර්තිය හා ගෞරවය ගෙන දෙන්නට වෙර දරන මෙම දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද දවසේ ඔබෙන් ඉල්ලා සිටින්නේ එකී සිහිනය සැබෑ කරගන්නට සවියක් වෙන ලෙසයි.