Friday, April 19, 2024

General line - 0115112241

දකුණට ගංවතුර ගලද්දී උතුර නියඟයෙන් වෙලා ගෙන




ජල ගැලීම් හේතුවෙන් දකුණු පළාතේ පවුල් විශාල පිරිසක් අවතැන්ව සිටින අවස්ථාවේ නියඟය හේතුවෙන් උතුරු පළාතේ පවුල් 130,243 ක 440,531 පිරිසක් පීඩාවට පත්ව ඇති බව දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පවසනවා.

යාපනය, මුලතිව් සහ වව්නියාව යන දිස්ත‍්‍රික්කවලට මෙම නියං තත්ත්වය දැඩිව බලපා ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

යාපනය දිස්ත‍්‍රික්කයේ පුද්ගලයන් එක්ලක්ෂ විසි එක් දහසකට අධික සංඛ්‍යාවක් ද, මුලතිව් දිස්ත‍්‍රික්කයේ පුද්ගලයන් තිස්හතර දහසක් පමණ ද වව්නියාව දිස්ත‍්‍රික්කයේ අසූ පන්දහසකට අධික පිරිසක් ද මෙලෙස පීඩාවට පත්ව සිටිනවා.