Saturday, April 20, 2024

General line - 0115112241

විශාල ලෙස කම්පනයට පත් පිරිසට මානසික වෛද්‍යවරු අවශ්‍යයි




විපතට පත් වූවන්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවද සැළකිළිමත් විමේ අවශ්‍යතාව මේ වන විට වැඩි වශයෙන් කතාබහට ලක්ව තිබෙනවා.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය කපිල රණසිංහ පවසන්නේ එවැනි වැඩපිළවෙළක් කඩිනමින් ක‍්‍රියාත්මක කළ යුතු බවයි. 

මෙවැනි තත්ත්වයකින් පසු ලෝකය පුරා මානසික සෙෘඛ්‍ය සැපයීමක් සිදු කෙරෙන බවත් පෙන්වා දුන්නා.

මේ සඳහා පුහුණු විශේෂඥ පිරිසක් යෙදවිය යුතු බවද, ඔහු ප‍්‍රකාශ කළා.

මෙවැනි මානසික ප‍්‍රතිකාර ලබා නොදීම තුළින් ඉදිරියේදී මානසික රෝගීන් ඇති වීමේ අවදානමක් පවතින බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා. 

ඇතැම් විශාල කම්පනයට පත් වූ පිරිස් වෙත පළපුරුදු මානසික වෛද්‍යවරුන්ගේ අවධානය අනිවාර්යයෙන් යොමු විය යුතු බවද පෙන්වා දුන්නා.