Thursday, April 25, 2024

General line - 0115112241

දිරිය නෙත් විශේෂ පිංකම් මාලාව ඇරඹීමට සියල්ල සූදානම් (UPDATE)




ආපදා හේතුවෙන් මිය ගිය පිරිසට පිං අනුමෝදන් කිරීම වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන විශේෂ පිංකම් මාලාවේ දෙවන අදියර තවත් නොබෝ වේලාවකින් ආරම්භ වනවා.

ඒ, ගැටහැත්ත මාරඹේ විහාරස්ථානයේදීයි.

අද පස්වරුවේ රත්නපුර ඇලෝසියස් ජාතික පාසලේදි ද තවත් පිංකමක් පැවැත්වීමට නියමිතයි.

මේ අතර දිරිය නෙත් සමාජ සත්කාරය යටතේ ගාල්ල ඇතුළු ප‍්‍රදේශ කිහිපයක පීඩාවට පත් ජනතාවට සහනාධාර බෙදාදීම ද අද දිනයේ සිදු කෙරෙනවා. 

විපතට පත් වූවන්ට බෙදා දීම සඳහා දිරිය නෙත් සමාජ සත්කාරයට පරිත්‍යාග භාර දීමට ඔබට තවදුරටත් හැකියි.

බම්බලපිටිය දුම්රියපොළ අසළ ඕෂන් ගොඩනැගිල්ලේ නෙත් එෆ්.එම්. මෙහෙයුම් කාර්යාලයේ දී ද ආධාර භාර ගැනෙනවා.

එම මධ්‍යස්ථානය වෙත ආධාර රැගෙන පැමිණි අයෙකු පළ කළ අදහස් පහතින් දැක්වෙයි. 

----------------------------------

ආපදාවලින් විපතට පත් අයට පිං පතා සිදු කරන විශේෂ පිංකම් මාලාවේ දෙවන අදියර අද (UPDATE)

(2017-06-01 05:21)

 

ආපදා හේතුවෙන් මිය ගිය පිරිසට පිං අනුමෝදන් කිරීම සඳහා දිරිය නෙත් සමාජ සත්කාරය යටතේ නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කළ විශේෂ පිංකම් මාලාවේ දෙවන අදියර අද (01) පැවැත්වෙනවා.

ඒ, ගැටහැත්ත මාරඹේ විහාරස්ථානයේදීයි.  

(ඒ පිළිබඳ තොරතුරු නෙත් විශේෂ නියෝජිත සමිර බණ්ඩාර වීරකෝන්ගෙන්.) 

මේ අතර ආපදාවලින් පීඩාවට පත් ජනතාවට සහන සලසන දිරිය නෙත් සමාජ සතකාරක වැඩසටහන තවදුරටත් ක‍්‍රියාත්මක වනවා. 

විපතට පත් වූවන්ට බෙදා දීම සඳහා දිරිය නෙත් සමාජ සත්කාරයට පරිත්‍යාග භාර දීමට ඔබට තවදුරටත් හැකියි.  ඕනෑම දුම්රිය ස්ථානයකදී පරිත්‍යාග භාර ගැනෙනවා. බම්බලපිටිය දුම්රියපොළ අසළ  ඕෂන් ගොඩනැගිල්ලේ නෙත් එෆ්.එම්. මෙහෙයුම් කාර්යාලයේ දී පරිත්‍යාග භාර දිය හැකියි. බත්තරමුල්ල ආර්පිකෝ සුපර් සෙන්ටර් අසල පිහිටි ට‍්‍රැවල් නෙත් කාර්යාලය ද පරිත්‍යාග භාර ගැනීමේ මධ්‍යස්ථානයක්. 

පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප හිමියන් වැඩ වෙසෙන අතුරුගිරිය සිරි සදහම් පදනමේදී සහ පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් වැඩ වෙසෙන පිළියන්දල පිඟන් සංස්ථාව පාරේ ශාන්ති නිඛේතනයේ දී ද දිරිය නෙත් සමාජ සත්කාරයට පරිත්‍යාග භාර ගැනෙනවා.

පූජ්‍ය කිරම විමලජෝති හිමියන් වැඩ වෙසෙන දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට ද පරිත්‍යාග ගෙනවිත් භාරදිය හැකියි. 

කඩවත නගර මධ්‍යයේ පිහිටි ශ‍්‍රී බිම්බාරාම විහාරස්ථානය ද දිරිය නෙත් සමාජ සත්කාරය වෙනුවෙන් පරිත්‍යාග භාරගන්නා මධ්‍යස්ථානයක්.

පානදුර පල්ලෙමුල්ල සිරිනිවාසාරම විහාරස්ථානයට ද පරිතයාග භාර දීමට හැකියාව තිබෙනවා. 
 

--------------------------------------------

ආපදාවලින් මියගිය අයට පිං පතා විශේෂ පිංකම් මාලාව ඇරඹෙයි (PHOTOS)

(2017-05-31 17:16)

ආපදා හේතුවෙන් මිය ගිය පිරිසට පිං අනුමෝදන් කිරීම සඳහා නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කළ විශේෂ පිංකම් මාලාවේ පළමු වැන්න මේ වනවිට පැවැත්වෙනවා.

ඒ පාලින්ද නුවර මෝල්කාව - කොස්ගුලන ගංගාරාම විහාරස්ථානයේදීයි.

කොස්ගුලන ප‍්‍රදේශයේ නාය යාමෙන් මිය ගිය පිරිස වෙනුවෙන් මතක වස්ත‍්‍ර පූජා කර පාංශ කූලය ලබා දීම මෙහිදී සිදු කෙරෙනවා.






-----------------------------

ආපදාවලින් මියගිය අයට පිං පතා විශේෂ පිංකම් මාලාවක් අදින් ඇරඹේ 

(2017-05-31 06:15)

ස්වභාවික විපත්වලින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් පිං අනුමෝදන් කිරීමේ විශේෂ පිංකම් මාලාවක් නෙත් එෆ් එම් රේඩියෝව විසින් අද (31) සිට ආරම්භ කරනු ලබනවා. 

එහි පළමු වැන්න සිදු කෙරෙන්නේ පාලින්ද නුවර මෝල්කාව කොස්ගුලන ගංගාරාම විහාරස්ථානයේදීයි. 

එහිදී කොස්ගුලන ප‍්‍රදේශයේ ඉකුත්දා සිදු වූ නායයාමෙන් ජීවිතක්ෂයට පත්වූ පවුල් 06ක පුද්ගලයින් වෙනුවෙන් මතක වස්ත‍්‍ර පූජා කරමින් පාංශුකූල චාරිත‍්‍රය ඉටු කර පිං අනුමෝදන් කිරීම සිදු වනවා. 

ඒ, පූජ්‍ය වල්පොල ගෝතම හිමියන්ගේ හා පූජ්‍ය කොලබිස්සේ ධම්මානන්ද හිමියන්ගේ වැඩමවීමෙන්. 

මතක බණ දේශනය සිදු කරනු ලබන්නේ පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් විසින්. 

එමෙන්ම ස්වභාවික ආපදාවලින් පීඩාවට පත්වූ පවුල් දෙසියයක පිරිස් වෙත සෙත්පතා ආශිර්වාද කිරීම හා වියළි සලාක බෙදාදීම ද අද සිදු වනවා. 

මෙවැනිම විශේෂිත වූ පිංකමක් හෙට දිනයේ ද සිදු කිරීමටයි නෙත් එෆ්. එම්. රේඩියෝව කටයුතු යොදා ඇත්තේ. 

ඒ, ඇහැලියගොඩ සහ රත්නපුර යන ප‍්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින්. 

ඒ සඳහා පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් හා පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප හිමියන් වැඩම කරනු ලබනවා. 

මේ අතර, ඊයේ රාත‍්‍රි 7.30ට ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනේදී විපතට පත් වූවන්ට සෙත් පැතීම සහ රුදුරු විපත් යළි ඇති නොවීමට සත්‍ය ක‍්‍රියා බලයෙන් ආශිර්වාද කිරීම සිදු වුණා. 

ඒ සඳහා වැඩම කරනු ලැබුවේ පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමියන් සහ පූජ්‍ය ගනේකන්දේ චන්දරතන හිමියන්. 

යළිත් විපත් මෙවන් විපත් ඇති නොවීම සඳහා ආගමික වැඩසටහන් මාලාවක් ආරම්භ කිරීමේ වැදගත්කම පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප හිමියන් පෙන්වා දුන්නා. 

එහිදී රටට සෙත් පැතීම සිදු කරනු ලැබුවේ පූජ්‍ය ගනේකන්දේ චන්දරතන හිමියන් විසින්. 

මේ අතර නෙත් එෆ් එම් රේඩියෝවේ දිරිය නෙත් සමාජ සත්කාරය යටතේ ද ද්‍රව්‍යමය ආධාර බෙදා හැරීමට මෙන්ම විපතට පත්වූවන්ගේ මානසික සහනය සුවය වෙනුවෙන් ද විශේෂ වැඩසටහන් සංවිධාන කර තිබෙනවා. 

ඔබ විසින් පරිත්‍යාග කරන ලද ද්‍රව්‍යමය ආධාර ඊයේ දිනයේ ද නිසි ක‍්‍රමවේදයක් යටතේ විපතට පත්වූවන්ගේ අතටම ලැබෙන පරිදි බෙදාදීමට දිවයිනේ ප‍්‍රදේශ රැුසක සිටින දිරිය නෙත් කණ්ඩායම්වලට හැකි වුණා. 

විපතට පත් වූවන්ට බෙදා දීම සඳහා දිරිය නෙත් සමාජ සත්කාරයට පරිත්‍යාග භාර දීමට ඔබට තවදුරටත් හැකියි. 

ඒ අනුව බම්බලපිටිය දුම්රියපොළ අසළ  ඕෂන් ගොඩනැගිල්ලේ නෙත් එෆ්.එම්. මෙහෙයුම් කාර්යාලයේ දී අද දිනයේද පරිත්‍යාග භාර ගැනෙනවා. 

බත්තරමුල්ල ආර්පිකෝ සුපර් සෙන්ටර් අසල පිහිටි ට‍්‍රැවල් නෙත් කාර්යාලයට ද පරිත්‍යාග භාරදිය හැකියි. 

පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප හිමියන් වැඩ වෙසෙන අතුරුගිරිය සිරි සදහම් පදනමේදී සහ පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් වැඩ වෙසෙන පිළියන්දල පිඟන් සංස්ථාව පාරේ ශාන්ති නිකේතනයේ දී ද දිරිය නෙත් සමාජ සත්කාරයට පරිත්‍යාග භාර ගැනෙනවා.

පූජ්‍ය කිරම විමලජෝති හිමියන් වැඩ වෙසෙන දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට ද පරිත්‍යාග ගෙනවිත් භාරදිය හැකියි. 

කඩවත නගර මධ්‍යයේ පිහිටි ශ‍්‍රී බිම්බාරාම විහාරස්ථානය ද දිරිය නෙත් සමාජ සත්කාරය වෙනුවෙන් පරිත්‍යාග භාරගන්නා මධ්‍යස්ථානයක්. 

පානදුර පල්ලෙමුල්ල සිරිනිවාසාරම විහාරස්ථානය ද පරිතයාග භාර දීමට හැකියාව තිබෙනවා. 

මීට අමතරව ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේදී ද දිරිය නෙත් සමාජ සත්කාරය වෙනුවෙන් පරිත්‍යාග භාර ගැනෙනවා.