Friday, March 29, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාව කැළඹූ මෝරා, එක වරම බංග්ලාදේශයත් අසරණ කරයි (PHOTOS)




ශ‍්‍රී ලංකාවට බලපෑම් එල්ල කළ මෝරා සුළි කුණාටුව හේතුවෙන් බංග්ලාදේශයේ ජන ජීවිතයට ද දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. 

වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ එරට මුහුදුබඩ කලාපවල ජීවත් වන ජනතාවටයි. 

එම ප‍්‍රදේශ හරහා පැයට කිලෝමීටර් 117කට අධික වේගයෙන් සුළං හමා යන බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ. 

විනාශ වී ඇති නිවාස සංඛ්‍යාව සියයකට අධිකයි. 

විසිදහසකට වැඩි පිරිසකට වාසස්ථාන අහිමි වී තිබෙනවා. 

ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 06ක්.