Friday, April 19, 2024

General line - 0115112241

ලොව ජනප‍්‍රියතම ක‍්‍රීඩකයින් සිය දෙනාගේ ලැයිස්තුව නිකුත් වෙයි




ලොව ජනප‍්‍රියතම ක‍්‍රීඩකයින් සිය දෙනාගේ ලැයිස්තුව ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. 

ඒ, ලෝක ප‍්‍රකට ක‍්‍රීඩා වෙබ් අඩවියක් වන ඊ එස් පී එන් වෙබ් අඩවිය මඟින් සිදු කළ සමීක්ෂණයකින් අනතුරුවයි.

ඒ අනුව එහි පළමු ස්ථානය හිමිව ඇත්තේ පෘතුගාල පාපන්දු ක‍්‍රීඩක ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හටයි. 

දෙවන ස්ථානය අමෙරිකානු බාස්කට් බෝල් ක‍්‍රීඩක ලීබ්‍රොන් ජේම්ස්ට හිමිව තිබෙනවා. 

තුන්වන ස්ථානය ආර්ජන්ටිනාවේ පාපන්දු ක‍්‍රීඩක ලයනල් මෙසීට හිමිව ඇති අතර සිව්වන ස්ථානයේ පසුවන්නේ ස්විස්ටර්ලන්ත ටෙනිස් ක‍්‍රීඩක රෝජර් ෆෙඩරර්. 

ලෝකයේ වේගවත්ම ක‍්‍රීඩකයා ලෙස සැලකෙන ජැමෙයිකාවේ උසේන් බෝල්ට්ට හිමිව ඇත්තේ එහි 07 වන ස්ථානයයි. 

ලොව ජනප‍්‍රියතම ක‍්‍රීඩකයින් අතර ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් සිටින්නේ සිව් දෙනෙක් පමණයි. ඔවුන් සියලූ දෙනා ඉන්දීය ක‍්‍රීඩකයින් වීම විශේෂත්වක්. 

ඉන්දීය එක්දින නායක විරාට් කෝලි එම ලැයිස්තුවේ 13 වෙනියායි. 

ශ‍්‍රී ලංකාවේ කිසිදු ක‍්‍රීඩකයෙකු පළමු සියදෙනා අතරට ඇතුළත්ව නැහැ.