Thursday, April 25, 2024

General line - 0115112241

"අගමැතිතුමා හෝ ජෝන් අමරතුංග කියනවා නම් කාලගුණ අනාවැකි හරි නෑ කියලා වහලා දාන එකයි තියෙන්නේ දෙපාර්තමේන්තුව"




අයහපත් කාලගුණික තත්ත්වයන්වලදී නිකුත් කෙරෙන අනතුරු ඇගවීම්වලට අනූව අදාල ප‍්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට බල කෙරෙන නීති ගෙන ඒමට යෝජනා කෙරෙන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ වගකිව යුතු ආයතන නිකුත් කරන අනතුරු ඇගවීම්වලට ජනතාව අවනත නොවීම හේතුවෙන් සිදු වන ජීවිත හානි ඉහළ ගොස් ඇති බවයි. 

අඩුපාඩු පැවතිය ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවැරදි අනාවැකි පළ කර ඇති බවයි මෙහිදී වැඩි දුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන අනාවැකි සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවලට ද අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රතිචාර දැක්වූවා. 

එහිදී ඔහු පැවසුවේ "අපි පිළිගන්න ඕනේ අපේ තාක්ෂණය තව දියුණු වෙන්න ඕනේ. එහෙම තියෙද්දී මෙහෙම හරි නිවරැදි අනාවැකි පළ කිරීම ගැන අපි සතුටු වෙන්න ඕනේ. කාලගුණ අනාවැකි විශ්වාස කරන්නැත්නම් මේක වහලා දාන්න ඕනේ.  අගමැතිතුමා හෝ ජෝන් අමරතුංග ඇමතිතුමා හෝ කියනවා නම් මේක හරි නැහැ කියලා..මේක වහලා දාන එකයි තියෙන්නේ." යනුවෙනි.