Friday, March 29, 2024

General line - 0115112241

මහින්දව දකුණේ නායකයෙක් කරන ජනපතිගේ සැළසුම හෙළිවෙයි




මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඉකුත්දා දිවුරුම් දුන් අමාත්‍ය මහින්ද අමරවීර අද (31) එම අමාත්‍යංශයේදී රාජකාරි ආරම්භ කළා.

එම අවස්ථාවට එක් වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳ අදහස් පල කළා. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කළේ රජයේ වැඩපිළිවෙල ගැන ජනතාව තුළ විශ්වාසයක් ඇති කිරීමට බවයි. 

මහින්ද අමරවීර අමාත්‍යවරයාට තවත් රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා දීමට හේතු වූ කරුණු පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වූවා.

එහිදී සඳහන් කෙරුණේ "මහින්ද අමරවීර ඇමතිතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා. ඒ වගේම ධීවර සහ ජලජ සම්පත් කැබිනට් ඇමතිවරයා. කෙනෙක් හිතන්න පුළුවන් මේ තනතුරු දෙකම තිබියදී තවත් රාජ්‍ය අමාත්‍ය ධූරයක් එතුමාට දුන්නේ ඇයි කියලා. මම බොහොම විවෘතව කියන්න ඕනේ මහින්ද අමරවීර ඇමතිතුමාට මම එහෙම ධූරයක් දුන්නේ දකුණේ එතුමාව වඩාත් ශක්තිමත් නායකයෙක් කරන්න ඕනේ නිසා කියලා." යනුවෙනි.