Saturday, April 20, 2024

General line - 0115112241

බිය ගන්වා ගුවන් යානයක් අත්පත් කරගන්න ගිය ලාංකියෙකුට වැඩ වරදියි (PHOTOS/VIDEO)




තමන් සතුව බෝම්බයක් ඇතැයි පවසමින් ගුවන් යානයක නියමු මැදිරියට ඇතුළු වීමට උත්සාහ දැරූ ශ‍්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.          

ඒ, ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවර සිට මැලේසියාව දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයකදීයි.

එහි ගමන් මග අඩාල කිරීමටයි මෙම ශ‍්‍රි ලාංකිකයා උත්සහ කර ඇත්තේ.

මේ හේතුවෙන් අදාළ ගුවන් යානය මෙල්බර්න් ගුවන් තොටුපල වෙත ආපසු හරවා යැවීමටද බලධාරින් කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මෙම පුද්ගලයා බීමතින් සිටි බවද අනාවරණය වී ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.