Saturday, April 20, 2024

General line - 0115112241

ශූරයන්ගේ සටන ඇරඹෙයි - පළමු කණ්ඩායම් දෙක අද තරග බිමට




අයි සී සී ශූරයන්ගේ කුසලාන එක් දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අද (01) තරග වදිනවා.

ඒ, ලන්ඩනයේ කෙනින්ටන්  ඕවල් පිටියේදීයි.

‘‘ඒ’’ සහ ‘‘බී’’ ඛාණ්ඩ යටතේ මෙවර තරගාවලියේදී ශූරතාව දිනා ගැනීමට කණ්ඩායම් අටක් තරග වදිනවා.

ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය සහ දකුණු අප‍්‍රිකාව තරග වදින්නේ බී ඛාණ්ඩය යටතේයි.

එංගලන්තය, බංග්ලාදේශය, ඔස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය ඒ ඛාණ්ඩයෙන් තරග වදිනවා.

තරගාවලියේ අවසන් මහා තරගය ජූනි මස 18 වැනිදා ලන්ඩනයේ කෙනින්ටන්  ඕවල් පිටියේදී පැවැත්වීමට නියමිතයි. 

මේ අතර, ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේදී පළමුව තරගවදින්නේ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමගයි.  

එළඹෙන තුන්වනදා මෙම තරගය පැවැත්වීමට නියමිතයි. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව සිටිම හේතුවෙන් මෙම තරගයට සහභාගි වීම අවිනිශ්චිත බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කළා.