Thursday, April 25, 2024

General line - 0115112241

කාබුල් නුවර දැවැන්ත පිපිරීමක්




ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර ජනාධිපති මන්දිරය හා රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල පිහිටි ප්‍රදේශයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 90ක් මියගොස් 400කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. 

මුස්ලිම් ජාතිකයන් බහුතරයක් වෙසෙන ඇෆ්ගනිස්තානයේ ඉස්ලාම් භක්තිකයන් මේ දිනවල රාමදාන් උපවාසයේ යෙදෙන අතරතුරදී මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා. 

මෙම බෝම්බ ප්‍රහාරය කාබුල් නුවරට එල්ල වූ දරුණුතම ප්‍රහාරයක් ලෙස සැලකෙන අතර බෝම්බය පුපුරා ගොස් ඇත්තේ ජර්මානු තානාපති කාර්යාලය ආසන්නයේයි.

පිපිරීමෙන් ජර්මානු තානාපති කාර්යාලයේ ආරක්ෂක භටයකු තුවාල ලබා ඇතැයි ද කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුට තුවාල සිදු ව ඇතැයි ද එරට විදේශ අමාත්‍ය සිග්මාර් ග්‍රාබියෙල් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා. 

මෙම ප්‍රහාරය කාර් බෝම්බ ප්‍රහාරයක් බවයි හඳුනාගෙන ඇත්තේ.

බෝම්බය පුපුරා ගිය ස්ථානයේ සිට මීටර 100ක් පමණ දුරින් පිහිටි ස්ථානවලට ද හානි සිදු වී ඇතැයි වාර්තා වෙනවා.