Thursday, April 25, 2024

General line - 0115112241

ගංවතුර ක්‍රමයෙන් පහව යයි - ඉදිරි වැස්ස ගැනත් අනතුරු අඟවයි




දිස්ත‍්‍රික්ක කිහිපයකට බලපෑ අයහපත් කාලගුණය හමුවේ ඇති වූ ගංවතුර තත්ත්වය මේ වනවිට ක‍්‍රමයෙන් පහව යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් මෙන්ම පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු ද තවමත් අඛණ්ඩව ක‍්‍රියාත්මක බවයි.

ඉදිරි දින කිහිපයේ ද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

මේ අතර අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 203ක්. පුද්ගලයින් 96 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටිනවා. දිස්ත‍්‍රික්ක 15ක පුද්ගලයින් හයලක්ෂ තිස්දහස් අසූ දෙදෙනෙකු මේ වනවිට පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ. පවුල් දහනව දහස් දහනවයකට අයත් පුද්ගලයින් හැත්තෑ තුන්දහස් පන්සිය 61 දෙනෙකු සහන කඳවුරුවල රැඳී සිටින බවද එම මධ්‍යස්ථානය සඳහන් කළා.