Thursday, April 25, 2024

General line - 0115112241

ත්‍රෛනිකායික මහා නා හිමිවරුන්ගෙන් පණිවුඩයක්




නායයාම් හා ජලගැලීම්වලින් විපතට පත් ජනතාවගේ ජීවිත යථා තත්වයට පත්වන තුරු අඛණ්ඩව සහන සේවා සලසන ලෙස ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් ඉල්ලීමක් කරනවා.

මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල නාහිමියන්, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඤාණරතන නාහිමියන්, අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ශ‍්‍රී ධම්මාවාස මහානායක හිමියන් සහ රාමඤ්ඤ මහා නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන ශ‍්‍රී පේමසිරි නාහිමියන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක මේ බව සඳහන් වනවා.   

එහි දැක්වෙන්නේ මෙම ස්වභාවික ව්‍යසනය හේතුවෙන් රටට අහිමි වූයේ වැඩදායි අහිංසක මිනිසුන් බවයි.

විපතට පත්වූවන්ගේ ජීවිත යළි යථා තත්වයට පත් කිරීමට කළ යුතු හා කළ හැකි සහන සේවා සත්කාර අඛණ්ඩව පවත්වාගන යා යුතු බවද එහි සඳහන්.

විශේෂයෙන් පොසොන් පෙහොය මුල්කර ගෙන විහාරස්ථාන මගින් සිදු කරන අතිරේක සැරසිලි හා උත්සවවලට වැයවන මුදලින් කොටසක් පීඩාවට පත් ජනතාව සඳහා පරිත්‍යාග කිරීම වඩා සුදුසු බවයි මහනායක හිමිවරුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.