Thursday, April 25, 2024

General line - 0115112241

ගංවතුර බැස යන්නත් කලින් කුණු ට්‍රැක්ටර් ඇවිත් (VIDEO)




කළුතර නගරයේ සහ අවට ප‍්‍රදේශවල එක් රැස් වන කසල බැහැර කෙරෙන නාගොඩ පලාතොට පාරේ පිහිටි පොහොර වත්තට කසළ බැහැර කිරීමට එරෙහිව ප‍්‍රදේශවාසීන් විරෝධය පළ කිරීම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඉකුත් දා ඇති වූ ගංවතුරෙන් එම කසල බැහැර කෙරෙන ස්ථානය ද යටවීම නිසා කළුතර නාගොඩ ප‍්‍රදේශයට දැඩි පාරිසරික බලපෑමක් එල්ල වුණා. ජල පහරට ගසාගෙන පැමිණි කසළ ප්‍රදේශය පුරා විසිරී ගොස් ඇති බවයි ජනතාව පෙන්වා දෙන්නේ.  

එවැනි තත්ත්වයක් පැවතියදී ගංවතුර බැස යමින් තිබියදී කළුතර නගර සභාව සහ ප‍්‍රාදේශීය සභාව එම ස්ථානයට යළි කසළ බැහැර කිරීම ආරම්භ කර ඇත්තේ පිරිසිදු කිරීම්වලින්ද තොරව බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කසල පිරවූ ට‍්‍රැක්ටර් රථවලට කසල බැහැර කෙරෙන ස්ථානයට ළඟා වීමට නොදී මාර්ගය හරස් කරමින් ප‍්‍රදේශවාසීන් ඊට දැඩි විරෝධය පළ කළා.