Friday, April 26, 2024

General line - 0115112241

ඔබේ පරිත්‍යාගයන් සවිමත්වූ දිරිය නෙත් සමාජ සත්කාකාරය අවතැන් ජනතාවට




විපතට පත්වූ පිරිස්වලට දිරිය නෙත් සමාජ සතකාරය යටතේ අදත් ද්‍රව්‍යයමය ආධාර බෙදා දුන්නා. ඒ ඇහැලියගොඩ සහ රත්නපුර යන ප‍්‍රදේශවලදීයි. ද්‍රව්‍යමය ආධාර බෙදා දීමට අමතරව මිය ගිය තැනැත්තන්ට පිං අනුමෝදන් කිරීම සහ විපතට පත්ව සිටින්නන්ට සෙත් පැතීම ද මෙහිදී සිදු කෙරුණා. ඒ පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප හිමියන්ගේ සහ පූජ්‍ය වල්පොල ගෝතම හිමියන්ගේද ගෞරවණීය වැඩමවීමෙන්. 

රත්නපුර ප‍්‍රදේශයේ අධාර බෙදා දීම සිදු කෙරුණේ නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් බලකායේ ද සහයෝගයෙන්. මේ 
මේ අතර දිරිය නෙත් සමාජ සත්කාරය යටතේ පරිත්‍යාග ශීලීන්ගෙන් ආධාර භාර ගැනීම තවදුරටත් සිදු වනවා. 

ගාල්ල මාපලගම පරණ තානායම්ගොඩ ගම්මානයේ පවුල් සියයකටද අද දිරිය නෙත් ආධාර ලබා දුන්නා.