Friday, April 19, 2024

General line - 0115112241

සමන්ත විද්‍යාරත්න රටින් පිටුවහල් කරන්න




බදුල්ල දිස්ති‍්‍රක්කයේ සංවර්ධන කටයුතුවලට බාධා කරන ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්තී‍්‍ර සමන්ත විද්‍යාරත්න රටින් පිටුවහල් කළයුතු බව ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා. 

බදුල්ල පුස්තකාල ශ‍්‍රවණාගාරයේ පැවති උත්සවයක් අමතමින් ප‍්‍රධාන අමාත්‍යවරයා කියාසිටියේ ඌව පළාතේ සංවර්ධනය වෙනුවෙන් ගෙන ආ ව්‍යාපෘති රැසකට සමන්ත විද්‍යාරත්න මන්තී‍්‍රවරයා විරුද්ධ වී ඇති බවයි.

එම චෝදනා වලට ප්‍රතිචාර දක්වමින් සමන්ත විද්‍යාරත්න මන්තී‍්‍රවරයා පැවසුවේ ඔහු කළ වංචා දූෂණ හෙලි කිරීම නිසා මෙසේ පවසන බවයි.

සංවර්ධන ව්‍යාපෘති වලට නොව වංචා දූෂණයට පමණක් තමන් විරුද්ධ බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක කළහොත් චාමර සම්පත් ප්‍රධාන අමාත්‍යවරයාට හිරගෙදර කූරු ගණන් කිරීමට සිදුවනු ඇති බවයි.