Thursday, April 25, 2024

General line - 0115112241

දක්‍ෂිණ අධිවේගයට එල්ල වන චෝදනා ආණ්ඩුවේ විලි වසා ගැනීමටයි




ඉකුත්දා ඇති වූ ආපදා තත්ත්වය කළමණාකරණය කිරීමට නොහැකි වූ ආණ්ඩුව එය වසා ගැනීමට පසුගිය ආණ්ඩුවට චෝදනා එල්ල කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. 

එහි නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා කියා සිටියේ දක්ෂිණ අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ද එවැනි අරමුණකින් සිදු කරන බවයි. 

දක්ෂිණ අධිවේගී මාර්ගය හේතුවෙන් ගංවතුර තත්ත්වයන් වැඩි වී ඇති බවත් එම මාර්ගය රට මැද තැනූ වේල්ලක් බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක ඊයේ ප‍්‍රකාශ කළා. 

කෙසේ වෙතත් කොළඹ නගරයේ කණු කසළවත් නිසි ලෙස ඉවත් කරගැනීමට නොහැකි අසමර්ථ ඇමතිවරයෙක් මෙවන් ප්‍රකාශයක් සිදු කිරීම විහිලුසහගත බවයි රංජිත් සොයිසා මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පාඨලී චම්පික ඇමතිවරයාද පසුගිය ආණ්ඩුවේ සිටි බවත් මෙම චෝදනා ඒ සමයේ නොකළේ ඇයිද යන්නත් මන්ත්‍රීවරයා මෙහිදී විමසා සිටියා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ යම් අඩුපාඩුවක් ඇත්නම් එය නිවැරදි කිරීමේ වගකීම වත්මන් පාලකයන්ට පැවරෙන බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා වැඩිදුරටත් සදහන් කළා.