Friday, March 29, 2024

General line - 0115112241

බස්නාහිරට මිලිමීටර් 50ක වැසි




බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට අද දිනයේද විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් පැවසුවේ බස්නාහිර පළාතට මිලිමීටර් 50ක පමණ තරමක වර්ෂාවක් ඇතිවිය හැකි බවයි.

මාතලේ දිස්ත්‍රික්කයට පැයට කිලෝමීටර් 50ක පමණ තරමක තද සුලං ද බලාපොරොත්තු විය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අකුණු වලින් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.