Friday, April 26, 2024

General line - 0115112241

ශූරයින්ගේ පළමු ගැටුමට සිංහ පැටව් සූදානම්




අයි සී සී ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගි වන පළමු තරගය අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිවයි. 

අද තරගයට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් කී‍්‍රඩා කිරීම අවිනිශ්චිත බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ. ඒ, ඔහු ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්. 

ශී‍්‍ර ලංකාවේ සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග කලකට පසු අද ශි‍්‍ර ලංකා කණ්ඩායමට කී‍්‍රඩා කරනවා. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල කි‍්‍රඩා කරනු ඇති බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආරංචිමාර්ග සදහන් කළේ.

මේ අතර නවසීලන්තය සහ  ඕස්ටේ‍්‍රලියාව අතර ඊයේ පැවති ඒ කාණ්ඩයේ තරගය අයහපත් කාලගුණය හේතුවෙන් විසදුමකින් තොරව නිමාවට පත්වුණා. ඒ අනුව කණ්ඩායම් දෙකට එක් ප‍්‍රසාද ලකුණ බැගින් හිමි වුණා. පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 45 කදි සියල්ලන් දැවී ලකුණු 291 ක් රැස් කළා. කේන් විලියම්සන් පන්දු 97 කදි ශතකයක් වාර්තා කළා. ජෝෂ් හැසල්වුඞ් ලකුණු 52 කට කඩුලූ 6 ක් බිද හෙලූවා. අයහපත් කාලගුණිය හේතුවෙන් තරගයේ පන්දුවාර සංඛ්‍යාව අඩු කිරීමට තරග තීරකයින් කටයුතු කළා. 

ඒ අනුව  ඕස්ටේ‍්‍රලියාවට පන්දුවාර 42 කදී හිමි වූ ඉලක්කය ලකුණු 288 ක්. තරගය අත්හැර දමන විට ඔස්ටේ‍්‍රලියාව පන්දුවාර නවයකදී කඩුලූ 3 ක් දැවී ලකුණු 53 ක් ලබාසිටියා.