Saturday, April 20, 2024

General line - 0115112241

මුස්ලිම් රට වලට පැනවූ සංචාරක තහනම බලාත්මක කරන්න - ට්‍රම්ප් ඉල්ලයි




මුස්ලිම් ජාතිකයන් බහුතරයක් වෙසෙන රටවල් කිහිපයකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පනවනු ලැබූ සංචාරක තහනම යළි බලාත්මක කරන්නැයි ධවල මන්දිරය එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

එම සංචාරක තහනම අවංලගු කරමින් එරට පහල අධිකරණයකින් නියෝගයක් නිකුත් කෙරුණා. එම නියෝගය අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණයක් මගින්ද තහවුරු කෙරුණා. 

මෙම නියෝගය අවලංගු කර නැවත එම සංචාරක තහනම පනවන ලෙස ධවල මන්දිරය එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත  ඉල්ලූම්පත‍්‍ර දෙකක් යොමුකර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. 

මෙලෙස සංචාරක තහනමක් පැනවීමට ට‍්‍රම්ප් පාලනය තීරණය කළේ ඉරාකය, සිරියාව, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවල්වලටයි.