Friday, April 26, 2024

General line - 0115112241

තෙල් නලයේ කාන්දුව නිසා ඉන්ධන හිගවීමේ අවදානමක් නැහැ - ඛනිජ තෙල් සංස්ථාව කියයි




පිපිරීමකට ලක්ව ඇති කොළඹ වරායේ සිට සපුගස්කන්ද සහ ඔරුගොඩවත්ත තෙල් පිරිපහදුව වෙත බොරතෙල් ගෙනයන නලය අලූත්වැඩියා කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇතැයි වාර්තා වනවා. 

පවතින කාලගුණයත් සමග මුහුදේ පවතින රළු තත්ත්වය ඊට හේතුවි ඇති බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථා ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත කියාසිටියේ.

මේ හේතුවෙන් එම නල මාර්ගය ඔස්සේ ගැඹුරු මුහුදේ ඉන්ධන නෞකාවල සිට තෙල් පිරිපහදුව වෙත බොරතෙල් ගෙනයාම මේ වනවිට නතර වි තිබෙනවා. 

එහෙත් පවතින තත්ත්වය හේතුවෙන් ඉන්ධන හිගයක් මතුවීමේ අවධානමක් නොමැති බව ඛණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබද නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ නෙත් නිවුස් කළ විමසීමකදි කියාසිටියා.