Friday, March 29, 2024

General line - 0115112241

ඇමති සංශෝධනයේ ගැසට් පත්‍රය නිකුත් වෙයි




ඉකුත්දා සිදු කෙරුණු රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ නව පත්කිරීම්වලට අදාළ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාති‍්‍රයේ නිකුත් කර තිබෙනවා. 

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 44 වන අනු ව්‍යවස්ථාව යටතේ 2017 මැයි 31 වනදා සිට එම පත්කිරීම් සිදුකර ඇති බව එහි සදහන්. රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු ඉකුත්දා දිවුරුම් දුන්නා. 

රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නේ ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, පාලිත රංගේ බණ්ඩාර, වසන්ත සේනානායක සහ ඉරාන් වික‍්‍රමරත්නයි.  ලසන්ත අලගියවන්න, හර්ෂ ද සිල්වා, රන්ජන් රාමනායක සහ කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්නා.