Saturday, April 20, 2024

General line - 0115112241

අධිවේගි මාර්ග ප්‍රමිතියට හදන්න නැත්නම් රට මැද ජලාශයක්




රටපුරා ඉදිකිරීමට යෝජිත අධිවේගී මාර්ග ජාලය පස් දමා ගොඩකර ඉදිකළහොත් රටවටා ඇති ගංගා 103 නිම්න 206 අවහිරවීමේ අවදානමක් පවතින බව ස්භාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසනවා. 

එහි ජාතික සංවිධායක පරිසරවේදි රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ එලෙස අධිවේගී මාර්ග ඉදි කලහොත් වැසි කාලයේදි රට මැද ජලාශයක් නිර්මාණය වනු ඇති බවයි.

ඉදිරියේදී ඉදිකිරිමට නියමිත අධික වේගි මාර්ග නියමිත ප්‍රමිතියට ඉදිකළ යුතු බවද ඔහු පෙන්වා දුන්නා

දක්‍ෂිණ අධිවේගී මාර්ගය හේතුවෙන් අවහිර වී ඇති ජල මාර්ගවල එක් රැස්වන ජලය මුහුදට බැහැර කිරීම සදහා විකල්ප ක‍්‍රමයක් සකස් කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.