Thursday, March 28, 2024

General line - 0115112241

සිංහයන් දිරි ගන්වන්න ශී‍්‍ර ලාංකික කී‍්‍රඩා ලෝලීන් කල් ඇතිවම ඕවල් කී‍්‍රඩාංගණයට




අයි සී සී ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර තරගය අද පස්වරුවේ පැවැත්වෙනවා. 

ඒ, ලන්ඩනයේ කෙනින්ටන්  ඕවල් කි‍්‍රඩාංගණයේදීයි. අද තරගයට ඇන්ජලෝ මැතිව්ස් කී‍්‍රඩා කිරීම අවිනිශ්චිත බැවින් උපුල් තරංගට ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරෙනු ඇති බවයි කි‍්‍රකට් ආරංචිමාර්ග සදහන් කළේ. 

ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අවසන් වරට ශූරයින්ගේ කුසලාන තරගාවලියකදී එකිනෙක හමුව ඇත්තේ 2009 වසරේදීයි. එම තරගයෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 55 ක ජයක් අත්කර ගත්තා. 

ශී‍්‍ර ලංකාව මේ දක්වා ශූරයන්ගේ කුසලාන තරගාවලියන්හිදි තරග 24 කට කී‍්‍රඩා කර තිබෙනවා. ඉන් තරග 13 ක් ජයගෙන ඇති අතර 9 ක් පරාජයට පත් වුණා. 

දකුණු අපි‍්‍රකාව මෙම තරගාවලිය යටතේ තරග 21 කට කී‍්‍රඩා කර ඉන් 11 ක් ජයගෙන තිබෙනවා. පරාජයට පත්ව ඇති තරග ගණන 9 ක්. එක්දින ශ්‍රෙණිගත කිරිම් අනුව දකුණු අපි‍්‍රකාව මේ වනවිට අංක එක ස්ථානයේ රැදී සිටිනවා. ශී‍්‍ර ලංකාව රැදී සිටින්නේ 7 වන ස්ථානයේයි.

තරගය පැවැත්වෙන  ඕවල් කී‍්‍රඩාංගණයේ තණතීරුව පිතිකරුවන්ට තරමක් වාසිදායක වනු ඇති බවයි කි‍්‍රකට් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. 

මේ අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම දිරිගැන්වීම සදහා එහි වෙසෙන ශී‍්‍ර ලාංකිකයන් දැන් සිටම  ඕවල් කී‍්‍රඩාංගණය වෙත පැමිණෙමින් සිටින බව ලන්ඩනයේ නෙත් නිවුස් වාර්තාකරු ජනක අලහප්පෙරුම සදහන් කළා.