Friday, March 29, 2024

General line - 0115112241

මත්පෙති පන්සියයක් සමග තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට




මඩකලපුව කල්ලඩිය ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මත්පෙති සමග තරුණයන් තිදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔවුන් සතුව තිබී මත්පෙති 500 ක් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් තිස්දහසක් පමණ වන බවයි පොලීසිය පැවසුවේ. 

සැකකරුවන් මඩකලපුව මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.