Saturday, April 20, 2024

General line - 0115112241

ගෙවුණු පැය විසි හතරේ වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන්




අද උදෑසන 8.30න් අවසන් වූ පැය විසි හතර තුළ මධ්‍යම පළාතේ සහ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ස්ථාන කිහිපයකින් තද වැසි වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

වැඩිම වර්ෂාපතනය වාර්තා වූයේ හෙල්බොඩ ප‍්‍රදේශයෙන් බවයි එම දෙපාර්තමේන්තු සඳහන් කළේ. 

එය මිලි මීටර් 87ක් ලෙසයි සටහන්ව ඇත්තේ. 

දහවල් කාලය තුළ උපරිම උෂ්ණත්වය යාපනය ප‍්‍රදේශයේ සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 02කින් ඉහළ ගොස් තිබෙනවා. 

රාත‍්‍රී කාලය තුළ උපරිම උෂ්ණත්වය බදුල්ල සහ බණ්ඩාරවෙල ප‍්‍රදේශවල සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක දෙකකින් ඉහළගොස් ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

ඊයේ දිනයේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 යි දශම තුනක් ලෙස පොතුවිල් ප‍්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියක් අංශක 14 ක් ලෙස නුවරඑළිය ප‍්‍රදේශයෙන් ද වාර්තා වී තිබෙනවා.