Friday, April 19, 2024

General line - 0115112241

වසර එකහමාරකට පසු මාලිංග එක්දින පිටියට




අයි සී සී ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය මීට නොබෝ වේලාවකට පෙර ආරම්භ වුණා. 

ඒ එංගලන්තයේ ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක‍්‍රීඩාංගණයේදීයි. 

කාසියේ වාසිය දිනා ගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව දකුණු අප‍්‍රිකාවට ලබා දීමටයි. 

මෙම තරගයේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ උපුල් තරංග විසින්. 

නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයට ලක්ව තරගයෙන් ඉවත්වී සිටීම ඊට හේතු වී තිබෙනවා. 

වසර එකහමාරකට පමණ පසු ලසිත් මාලිංග ද ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටීම විශේෂත්වයක්.  

මේ අතර අද තරගය සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් සහභාගිව සිටින්නේ කළු පැහැති අත් පටි ද පැළදගෙනයි. 

ඉකුත් දා සිදු වූ ආපදා නිසා මිය ගිය හා විපතට පත්වූ තැනැත්තන්ට ශෝකය පල කිරීම එහි අපේක්ෂාව වනවා.