Thursday, March 28, 2024

General line - 0115112241

චීනයෙන් ආධාර රැගත් ගුවන් යානයක් මෙරටට




විපතට පත්වූවන්ට ආධාර රැගෙන චීන ගුවන් යානයක් අද (03) ශ‍්‍රී ලංකාවට පැමිණියා. 

මෙම අධාර තොගයට කූඩාරම්, ඇද ඇතිරිලි, ජීවිතාරක්ෂක කබා සහ පාවහන් වැනි දෑ ඇතුළත්. 

ඒවායේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන දෙකයි දශම දෙකක්. 

මෙම භාණ්ඩ තොගය භාර ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක ද කටුනායක ගුවන් තොටුපලට පැමිණ සිටියා. 

විපතට පත්වූවන්ට ආධාර රැගෙන චීන නෞකා කිහිපයක් ද මීට පෙර ශ‍්‍රී ලංකාවට පැමිණියා.