Wednesday, April 24, 2024

General line - 0115112241

අද අලුයම එල්ල වූ ලන්ඩන් ප්‍රහාර මාලාවට සැකකරමින් අයෙක් අත්අඩංගුවට ගනී (VIDEO)




බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ස්ථාන තුනකට අද (04) අලුයම එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සැකපිට එක් අයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහි වැඩි දුරටත් දැක්වෙන්නේ ලන්ඩන් පාලම අසල සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෙම පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඊට අදාළ යැයි පැවසෙන වීඩියෝවක්ද මේ වන විට අන්තර්ජාලයට එක්වී තිබෙනවා.

වෑන් රිය පදිකයින් හා ගැටීම මධ්‍යම ලන්ඩනයේ පිහිටි ලන්ඩන් පාලම මතදී සිදුවූ අතර ඊට ආසන්න බොරෝ මාකට් ප්‍රදේශයේදී පිහි පහර එල්ල කිරීම් මෙන්ම වොක්ෂෝල් ප්‍රදේශයේදී තවත් කිසියම් සිදුවීමක් වාර්තාවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේවන විට ලන්ඩන් නුවර ආරක්ෂාව තර කර ඇති අතර විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සොයා විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

 

(එම වීඩියෝව පහතින්)