Saturday, April 20, 2024

General line - 0115112241

සමනලගම නායයෑමේ පෙරනිමිති (PHOTOS)




නාය යාමේ අවදානමක් හේතුවෙන් හැටන් සමනලගම ප‍්‍රදේශයේ පවුල් 12ක් එම ස්ථානවලින් ඉවත්කර තිබෙනවා.

ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ උපදෙස් මතයි.

අදාළ ගම්මානය නාය යාමේ අවදානමක් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මීට වසර කිහිපයකට පෙර ප‍්‍රකාශ කර තිබුණා.

පැය විසි හතරක් තුළ මිලි මීටර් 150කට අධික වර්ෂාවක් ලැබුණහොත් මෙම ප‍්‍රදේශය නාය යාමට ලක්විය හැකි බවයි අනතුරු ඇගවීම් නිකුත් කර තිබුණේ.

ඒ අනූව මෙම ප‍්‍රදේශයට ඉකුත් දින කිහිපයේදී අධික වැසි ඇදහැලුණා. එම නිසා නාය යාමේ අවදානමක් පවතින බැවින් මෙම පවුල් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.