Tuesday, April 23, 2024

General line - 0115112241

ලංකාවේ ආර්ථික වර්ධන වේගය ගැන ලෝක බැංකුවේ නවතම වාර්තාව




ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මේ වසරේදී සියයට 4.7 දක්වා ඉහළ යනු ඇති බව ලෝක බැංකුව නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වනවා. 

ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳව ලෝක බැංකුව මගින් නිකුත් කර ඇති නවතම වාර්තාවේ දැක්වෙන පරිදි 2018 වසරේදී මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 5 ඉක්මවා යනු ඇති.

ඉන්දියාවේ ආර්ථිකය මේ වසරේදී සියයට 7.2 ක් ලෙසත් ලබන වසරේදී 7.5 ක් ලෙසත්, පකිස්ථානයේ ආර්ථිකය මේ වසරේදී 5.2 ක් ලෙසත් ලබන වසරේදී 5.5 ක් ලෙසත් ඉහල යනු ඇති බව ලෝක බැංකු වාර්තාවේ සඳහන්. 

දකුණු ආසියාතික කලාපය සැලකූ විට මේ වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 6.8 ක් වනු ඇති බවත්, 2018 වසරේ දී එය සියයට 7.1 දක්වා ඉහළ යනු ඇති බවත්, ලෝක බැංකුව නිකුත් කළ එම නවතම වාර්තාවේ සඳහන්.