Tuesday, April 23, 2024

General line - 0115112241

කටාර් රියාල් සම්බන්ධයෙන් ලංකාවට බලපෑමක් නෑ - මාධ්‍ය වාර්තා සාවද්‍ය බව තලතා අතුකෝරල කියයි




කටාර් රාජ්‍යය සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇති තත්වය හේතුවෙන් එරට සේවය කරන ශ‍්‍රී ලාංකිකයින්ට කිසිදු ගැටළුවක් මතුව නොමැති බව අමාත්‍ය තලතා අතුකෝරල පවසනවා. 

තානාපති කාර්යාල මට්ටමින් එම තත්වය පිළිබඳ අඛණ්ඩව සොයා බලමින් සිටින බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ. 

ඇය පැවසුවේ ශ්‍රී ලංකාවට මේ සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බවයි.  

කටාර් රියාල් මාරු කිරීම සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපලේ අද උදෑසන පැවති තත්වය විසඳීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගෙන ඇති බවද අමාත්‍ය තලතා අතුකෝරල වැඩිදුරටත් සඳහන් කළා. 

අද උදේ කටුනායක ගුවන්තොටුපළේ කටාර් රියාල් මාරු කරන්නේ නෑ කියලා සාවද්‍ය මතයක් ගෙනගොස් තිබෙනවා. යම් යම් පුද්ගලයන්ගේ වුවමනාවටයි බැංකු කටයුතු අඩාල වෙලා තියෙන්නේ. මහ බැංකුව කටාර් රියාල් මාරු කිරීම සම්බන්ධව තීරණයක් නොගත්ත බවයි ඇය පැවසුවේ. කුමක් හෝ ගැටලුවක් සිදු වුවහොත් ඒ සම්බන්ධයෙන් තානාපති කාර්යාලය දැනුවත් කරන ලෙසත්  ඇය දන්වා සිටියා.