Tuesday, April 16, 2024

General line - 0115112241

කටාරයට වැඩේ දුන්නේ මම




කටාරය සමග සබඳතා අත්හිටුවීමට අසල්වැසි රටවල් තීරණය කළේ සිය ඉල්ලීමක් අනුව බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. තමන් සෞදි අරාබියේ කළ සංචාරයේ ප‍්‍රතිඵල දැනටමත් දක්නට ලැබෙමින් පවතින බවයි ට්වීටර් පණිවුඩයක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ. 

ඉස්ලාමීය ත‍්‍රස්ත කණ්ඩායම්වලට සහය ලබාදෙන බවට චෝදනා කරමින් සෞදි අරාබිය, එක්සත් අරාබි එමිර් රාජ්‍ය, ඊජිප්තුව, බහරේනය, ලිබියාව සහ යේමනය කටාරය සමග පැවති තානාපති සබඳතා අත්හිටවනු ලැබුවා. 
මේ අතර මෙම තීරණයෙන් පසු කටාර් ගුවන් සේවයේ බලපත‍්‍ර අහෝසි කිරීමට සෞදි අරාබිය තීරණය කළා. ඊජිප්තුව සහ බහරේනය ද එවැනි තහනමක් පැනවීමට සූදානමක් පවතින බව විදෙස් වාර්තා අනාවරණ කළා.