Friday, March 29, 2024

General line - 0115112241

බි‍්‍රතාන්‍යයේ මහ මැතිවරණය අදයි




බි‍්‍රතාන්‍යයේ මහ මැතිවරණය අදයි.  ඡන්දය ප‍්‍රකාශ කිරිම සඳහා සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව මිලියන 46.9ක්.

ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාත සංඛ්‍යාව හතළිස් දහසකට ආසන්නයි. අද පැවැත්වෙන ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව 350ක්. 

මෙලෙස අද පැවැත්වෙන්නේ බි‍්‍රතාන්‍යයේ අගමැතිනි තෙරේසා මේ විසින් නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හැර කැඳවන ලද මහ මැතිිවරණයයි.

ඉකුත්දා බි‍්‍රතාන්‍යයට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් මැතිවරණය ආශ‍්‍රිතව විශේෂිත ආරක්ෂිත වැඩපිළිවෙලක් ද ක‍්‍රියාවට නංවා තිබෙනවා. 

2015 වසරේ පැවති මැතිවරණයෙන් ආසන 331ක් ලබා ජය ගත්තේ කොන්සවේටිව් පක්ෂයයි. එහෙත් මෙවර මැතිවරණයේදී පාලක කොන්සවේටිව් පක්ෂයට වඩා ලේබර් පක්ෂය ඉදිරියෙන් සිටින බවද නවතම ජනමත සමීක්ෂණවලින් අනාවරණ වි තිබෙනවා. අද පැවැත්වෙන මැතිවරණයේ අවසන් ප‍්‍රතිපල සිකුරාදා පස්වරුවේ නිකුත් කෙරෙනු ඇති.