Thursday, March 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට අසීරු ඉලක්කයක්




ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දැන් පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලූ 06ක් දැවී ලකුණු 321ක් රැස් කළා. ආරම්භක පිතිකරු ශිකර් දවාන් පන්දු 128දී රැස් කළ ලකුණු සංඛ්‍යාව 125ක්. ඔහුගේ ඉණිමට හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා. රෝහිත් ශර්මා ලකුණු 78ක් රැස් කළා. මහින් සිං දෝනි ලකුණු 63යි. පන්දු යැවීමේදී ලසිත් මාලිංග ලකුණු 70කට කඩුලූ 02ක් බිද හෙළුවා. ඒ අනූව ලකුණු 322ක ඉලක්කයක් හඹා යාමට ශ‍්‍රී ලංකා කණ්ඩායම තවත් සුළු වේලාවකින් සිය ඉනිම ආරම්භ කිරීමට නියමිතයි. 

ශ්‍රී ලංකාව පන්දුව අතට ගනී

-----------------------------------------------

ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තීරණාත්මක තරගය පස්වරු 3.00ට ඇරඹෙනවා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුරැකීමට තීරණය කර තිබෙනවා.

මෙම තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයේ දී දකුණු අප‍්‍රිකාව හමුවේ ලකුණු 96කින් පරාජයට පත් වුණා. ඉන්දියාව සහභාගි වූ පලමු තරගයයේදී පකිස්ථානය ලකුණු 124කින් පරාජයට පත් කළා. ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ තව දුරටත් රැු`දී සිටීමට නම් මෙම තරගය ජය ගැනීම වැදගත් වනවා. ඇන්ජලෝ මැතිව්ස් අද තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා.